චීන ජාතික කණ්ඩායමක් විසින් විවිධ රටවල වෙසෙන අයෙගේ ගිණුම්වලින් වංචනික ලෙස කෝටි ගණනක මුදල් වංචා කර ඇති අතර මේ සම්බන්ධයෙන් තානාපති කාර්‍යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන කිරීමෙන් අනතුරුව මෙම පිරිස අලුත්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. චීන ජාතික කණ්ඩායම අලුත්ගම , කළුමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මත රැඳී සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.මෙම කණ්ඩායම සන්තකයේ තිබී මිල ඉතා ඉහළ ස්මාට් ජංගම දුරකථන , පරිගණක හා මුදල් තොගයක් පොලිස් භාරයට ගත් බව සඳහන්.මෙම චීන ජාතික කණ්ඩායම පෞද්ගලික බස් රථයකින් අලුත්ගම පොලීසිය වෙත රැගෙන ගිය බව වාර්තා වේ.














































