ඉතිහාසයේ වැඩිම කොරියානු රැකියා කෝටාව මෙම වසරේදී ලබාගැනීමට හැකි වී තිබෙන බවට වාර්තා වේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මේ වසර සදහා කොරියානු රැකියා 6500 ක කෝටාවක් ලැබී ඇති බවයි.
එමෙන්ම ඊයේ දිනයේදී ධීවර අංශයේ රැකියා සදහා 109 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොරියාව බලා පිටත්ව ගොස් තිබේ .
ඊට අමතරව හෙට දිනයේදී තවත් ශ්‍රමිකයින් 65ක්ද අනිද්දා ශ්‍රමිකයින් 28ක් ද කොරියාව බලා පිටත්ව යෑමට නියමිත බවට එම අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.














































