පවතින උෂ්ණාධික කාලගුණ තත්වය පහව යනතුරු ආරක්ෂක අංශවල අත්‍යාවශ්‍ය රාජකාරිවල සේවා මුර පිළිබඳව ආයතන ප්‍රධානීන් අවධානය යොමු කළ යුතු බවට ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරි සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව එම කාලසීමාව තුළදී සේවා මුර සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම යෝග්‍ය බවට එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න සදහන් කර තිබේ.














































