විශ්වසනීය ,තිරසාර හා නවීන බලශක්ති සදහා ප්‍රවේශය සහතික කිරීම උදෙසා නිර්මාණය කර ඇති සංවර්ධන ඉලක්ක හතේ ප්‍රගතිය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් කළ සමීක්ෂණ වාර්තාවකට අනුව සෑම වසරකම මිලියන 3.2 ක ජනතාවක් නුසුදුසු ඉන්ධන සහ තාක්ෂන භාවිතය නිසා ඇතිවන සංකූලථා සහ රෝග තත්ත්ව වලින් මියයන බව අනාවරණ වී ඇති බව වාර්තා වේ.
මේ අයුරින් ඉදිරියටත් පැවතියහොත් වසර 2030 දී බිලියන 1.9 ක ජනතාවක් සඳහා පිරිසිදු ආහාර වේලක් පිළියෙළ කිරීමේ අවස්ථාව අහිමිව යන බව එම වාර්තාවල සඳහන් වේ.













































