සිසුවියන් 16ක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගත කර තිබු කළුතර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයා අද (9) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමාලි හාල්පාන්දෙනිය මහත්මිය නියෝග කර ඇති බව වාර්තා වේ.
සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචි තිවංක ජයවික්‍රම නම් 30 හැවිරිදි අයෙකි.
මෙම නඩුව ජුනි 23 යලි කැදවීමට නියමිතයි.














































