ස්විස්ටර්ලන්ත තානාපති කාර්‍යාලයේ ආරක්ෂක උපදේශකවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වන ජෙනරාල් කමල් ගුණරත්න අතර විශේෂ හමුවක් පවත්වා ඇති බව වාර්තා වේ.
මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ ස්විස්ටර්ලන්තය අතර හමුදා සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු වූ බවත් , දෙරට අතර පවතින හමුදා සහයෝගීතාව සහ මෙරට හමුදාවන්ට ලබා දිය හැකි පුහුණු අවස්ථා පිළිබඳව අවධානය යොමු වී තිබෙන බවත් , නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රට තුළට ඒම වැළැක්වීම සඳහා මෙරට නීති ක්‍රියාත්මක කරන ආයතන ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් සාකච්ඡා කළ බව සඳහන්.