2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සදහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2018.08.06 අනුමැතිය ලැබී තිබේ.
එම අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත් කෙටුම්පත සදහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙන අතර ඒ අනුව අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සදහා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව වාර්තා වේ.














































