කොවිඩ් ඩෙල්ටා තවත් උප ප්‍රභේදයක් මෙරටින් හඳුනාගෙන ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ මෙරටින් තවත් බී.1.617.2.104 වශයෙන් කොවිඩ් ඩෙල්ටා උප ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බවයි.
එමෙන් ම මේ වන විටත් ලංකාවෙන් වාර්තා වන බහුතර කොවිඩ් රෝගීන්ට වැළඳී තිබෙන්නේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය බව ද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මීට ඉහත දී සඳහන් කළේ.












































