පොලිස් නිලධාරීන් බව පවසා පාසල් සිසුවකු පැහැරගෙන ගොස් එම සිසුවාගේ ගෙලෙහි තිබූ රන් මාලයක් කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනෙකු සොයා බුලත්සිංහල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
බුලත්සිංහල එනසල් වත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිසුවා පැහැරගෙන ගොස් දෑත් දෙපා ගැටගසා මෙම කොල්ලකෑම සිදුකර ඇති බව සඳහන් වේ.














































