විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී
ලිහිසිතෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර තුනකට වරක් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ .
එම සාකච්ඡාවට මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන සමාගම්වල නියෝජිතයන්ද එක්ව තිබෙන අතර එහිදී රජයේ නව රෙගුලාසි, රජයේ ප්‍රතිපත්ති තීරණ සහ අනෙකුත් කරුණු කීපයක් සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සාකච්ඡා කර තිබේ.














































