ඊයේ (17) වැලිකන්ද පොලීසියට ලද තොරතුරකට අනුව වැලිකන්ද, කුඩාපොකුණ රක්ෂිතය තුළ තිබී දිරාගිය අස්ථි කොටස් හා කාන්තා ඇඳුම් පැලඳුම් කොටස් කිහිපයක් හමුවී තිබෙන බව වාර්තා වේ .
මෙම අස්ථි කොටස් තිබූ ස්ථානයෙන් හමුවූ කාන්තා ඇඳුම් කොටස් , හිස් වැසුම හා කෑම පෙට්ටිය 2019.11.14 වන දින වැලිකන්ද ප්‍රදේශයේ අතුරුදන් වූ කාන්තාවකගේ බවට පොලීසිය සැක පළකරයි.
පොලීසිය පවසන්නේ අස්ථි කොටස් හඳුනාගැනීම සඳහා විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකරන බවයි.














































