අධික ලෙස බීමත්ව සිය සහකාරියට සහ හෝටල් හිමිකරුගේ දියණියට පහරදුන් බෙලරුස් ජාතිකයකු හබරාදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බෙලරුස් ජාතිකයා 38 හැවිරිදි අයෙකි.
විදේශිකයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට හබරාදුව පොලීසියට ලද පැමිණිල්ලක් මත ඒ සම්බන්ධව සොයා බැලීමට ගිය පොලිස් නිලධාරීන්ටද බෙලරුස් ජාතිකයා පහර දීමට තැත් කර ඇති බවට පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් හබරාදුව පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.














































