යාපනයේ , අනලතීව් දූපත වෙතට කොන්ක්‍රීට් කුට්ටි තොගයක් රැගෙන යමින් තිබූ බෝට්ටුවක් අර්ධ වශයෙන් මුහුදේ ගිලී ඇති බව වාර්තා වේ .
අදාළ බෝට්ටුව යාපනය , ඌර්කාවතුරෛ ප්‍රදේශයේ පිහිටි කෝවිලක සිට අනලතීව් දූපත වෙතට කොන්ක්‍රීට් කුට්ටි රැගෙන යමි න් තිබියදී මුහුදේ ගිලෙන්නට පටන් ගෙන තිබේ. එම අවස්ථාවේ දී කලබලයට පත් පුද්ගලයෙකු බෝට්ටුවෙන් මුහුදට පැන පිහිනීමට උත්සාහ කිරීමේදී තුවාල ලබා ඇති අතර බෝට්ටුව බේරා ගැනීම සඳහා ගිය නාවික හමුදාව සහ ධීවර යාත්‍රා එක්ව තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ .
බෝට්ටුවේ ධාරිතාවයට වඩා බරකින් යුතුව මෙම කොන්ක්‍රීට් කුට්ටි ප්‍රවාහනය කිරීම මඟින් මෙලෙස බෝට්ටුව ගිලීමකට ලක්ව ඇති බව සඳහන් .
මෙලෙස බෝට්ටු 3ක් කොන්ක්‍රීට් කුට්ටි රැගෙන කිසිදු බාධාවකින් තොරව අනලතීව් දූපත වෙතට ගොස් තිබූවත් සිව් වැනි වරට ගිය බෝට්ටුව මුහුදේ ගිලෙන්නට පටන් ගත් බවත් , බෝට්ටුවේ සිටි පිරිස තවත් පිරිසකට දැනුම් දී පසුව ආධාරක බෝට්ටු අදාළ ස්ථානය වෙත ගිය බවත් , එම බෝට්ටුවේ සිටි සියලුම දෙනා මේ වන විට ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති බවත් වාර්තා වේ .














































