ලෙබනනයේ සිට ඊශ්‍රායලය වෙත එල්ල කළ රොකට් ප්‍රහාර සඳහා ප්‍රතිප්‍රහාරයක් වශයෙන් ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන හමාස් සටන්කාමීන් ඉලක්ක කර ලෙබනනයේ සහ ගාසා තීරයේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම දකුණු ලෙබනනයේ ස්ථාන ගත කර තිබෙන ත්‍රස්ත මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.















































