කොස්ගම ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ බහාලුමක් ප්‍රවාහනය කරමින් සිටි ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරක් හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
මෙම අනතුර ඊයේ (21) සවස සිදුව ඇති බව වාර්තාවේ.
මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි කොස්ගම පොලීසිය සදහන් කර ඇත්තේ.
කොස්ගම දෙස සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරමින් තිබු ත්‍රීරෝද රථය අවිස්සාවේල්ල දෙස සිට කොස්ගම දෙසට ධාවනය වූ බහාලුම් රථය හා මෙලෙස මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බව සදහන් වේ.
එම අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් ගත් තවත් අයෙක් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
කොස්ගම පොලීසිය විසින් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර පොලිසිය විසින් බහාලුම් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
බහාලුම් රථයේ රියදුරු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














































