පුද්ගලයින් තිදෙනෙකුගේ DNA උපයෝගී කරගනිමින් පළමු වරට එක්සත් රාජධානියේ දී දරුවෙකුට උපත ලබාදී තිබෙන බවට වාර්තා වේ.
මෙම දරු උපත සඳහා DNA වලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ දරුවාගේ මව්පියන්ගෙන් වන අතර 0.1%ක් පමණ තෙවන පරිත්‍යාගශීලී කාන්තාවගෙන් ලබාගෙන ඇති බවට අනාවරණය වේ.
“mitochondrial disorder” නම් භයානක රෝගයන්ගෙන් යුක්තව දරුවන් ඉපදීම වැළැක්වීම මෙම ක්‍රමවේදයේ අරමුණ බව සදහන්.
මයිටොකොන්ඩ්‍රියා යනු ශරීරයේ සෑම සෛලයකම පාහේ ඇති කුඩා මැදිරි වන අතර ඒවා මගින් ආහාර, ශක්තිය බවට පරිවර්තනය කිරීම සිදුකරනු ලබයි.















































