එගොඩඋයන ප්‍රදේශයේදී පාසැල් සිසුවකු රවටා අපයෝජනය කළා යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
වයස අවුරුදු 49 ක් වන සැකකරු විසින් සිසුවා හට පාසැල් උපකරණ අරන් දෙනවා යැයි පවසා එගොඩඋයන දුම්රිය ස්ථානය අසල වෙරළ දෙසට දරුවා රැගෙන ගොස් අපයෝජනය කර ඇති බව පොලිසිය සදහන් කොට ඇත.
අපයෝජනයට ලක්ව ඇත්තේ දහතුන් හැවිරිදි පාසැල් සිසුවෙකු වන අතර සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන් වේ.














































