පාසල් ගුරුවරුන්ට මුදල් අයකර අමතර පංති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව එම චක්‍රලේඛය උල්ලංඝනය කරමින් කටයුතු කරන සියලුම ගුරවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් , ගුරුවරුන් තමන්ගෙන් ඉගෙන ගන්නා පාසල් සිසුන්ගෙන් මුදල් අයකර ගැනීම තහනම් කර ඇති බවත් , මධ්‍යම පළාත තුළ සාධාරණ පාසල් අධ්‍යාපනයක් ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවත් චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
යහපත් චේතනාවෙන් යුතුව තමන්ගෙන් පාසලේදී ඉගෙන ගන්නා සිසුන්ගෙන් මුදල් අය නොකර අමතර පංතිවල ඉගැන්වීමට බාධාවක් නොවන බවද එම චක්‍රලේඛයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.













































