සාලියවැව පොලිස් බල ප්‍රදේශයේ නීලබැම්ම නම් ගම්මානයේ කුඹුරක තිබී නාදුනන මළ සිරුරක් හමුවූ බවට වාර්තා වේ.
12 කණුව නීලබැම්ම ප්‍රදේශයේ විල්පත්තු රක්ෂිතයට ආසන්නයේ කුඹුරු ඉඩමක තිබී මෙම කුණු වී ගිය මළ සිරුර හමු වී ඇති අතර මරණකරු හදුනා ගැනීමට නොහැකි අයුරින් සිරුර කුණු වී ඇති බවට අනාවරණය වේ.
මෙලෙස මියගොස් ඇත්තේ කුඹුරු ඉඩමේ තනිවම පලු ගසක් මුදුනේ අටවාගත් පැලක වාසය කළ අවුරුදු 72-74 පමණ අයෙකු බවට ගම්වාසීන් හදුනාගෙන තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.














































