වව්නියාවේ පුලියන්කුලම ප්‍රදේශයේ කුඹුරක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමු වී ඇති බව වාර්තා වේ.
අදාළ තරුණයා රාත්‍රී කාලයේ කුඹුරක් මුර කිරීම සඳහා ගොස් නැවත ආපසු නිවස කරා නොපැමිණීම හේතුවෙන් පවුලේ අය පරීක්ෂා කිරීමේ දී මෙලෙස මළ සිරුර හමු වී ඇති බව සඳහන්.
මරණකරු පුලියන්කුලම් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ජගනාදන් කෙජිදන් නැමැත්තෙකි.
මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය වව්නියාව මහ රෝහලේ තැන්පත් කර ඇති අතර පුලියන්කුලම පොලීසිය විසින් ස්ථාන පරික්ෂාවක් සිඳු කර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු වව්නියාව පොලීසිය සහ පුලියන්කුලම පොලීසිය විසින් සිඳු කරයි.














































