මොරටුව පොලිස් වසමේ, මොරටුව පිරිස් මාවත කෙළවරේ බොල්ගොඩ ගඟේ තිබී මළ සිරුරක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ ඊයේ (27) උදෑසන එම මළ සිරුර ඇති බවට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවයි.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවට පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා උස අඩි 5ක් පමණ වන තළෙලු සිහින් සිරුරක් ඇති, කොණ්ඩය කොටට කපා ඇති, දකුණු අතේ වැලමිට අසලින් ඉවත්වී ඇති අයෙක් බවට පොලීසිය පවසයි.
ඔහු කළු පැහැති කොට කලිසමක් හා දුඹුරු පාට ටීෂර්ට් එකක් හැද සිට ඇතැයි ද වාර්තා වේ.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති බව සදහන්.














































