ඊයේ (23) කටුගස්තොට පොලිස් වසමේ මාවිල්මඩ ප්‍රදේශයේ මහවැලි ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් පවතින බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද තොරතුරකට අනුව කටුගස්තොට පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මරණකරු අවුරුදු 50 -60 ත් අතර වයස් සීමාවේ පසුවන පිරිමි පුද්ගලයෙකු බවත් , ඔහු නිල් කොටු සහිත අත් කොට කමිසයක් සහ කළු පැහැති බොටම් කලිසමක් ඇඳ සිටි අයෙක් බවත් , මෘත දේහය හදිසි මරණ පරීක්ෂණයෙන් අනතුරුව මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරයි.














































