මොරටුව එගොඩඋයන විජයපුර ප්‍රදේශයේ වෙරළට පුද්ගල මළසිරුරක් ගොඩගසා තිබූ බව වාර්තා වේ.
අද (12) උදෑසන 11ට පමණ මෙම මළසිරුර හමුවී ඇති අතර ඔහු මහරගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු බවට සැක කරනු ලබයි.
මීට දින කිහිපයකට පෙර මෝටර් රථයකින් මෙම ප්‍රදේශයට පැමිණ ඇති අදාළ පුද්ගලයා මෝටර් රථය එහි නවතා මුහුදට පැන ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.
අසල තිබූ CCTV කැමරාවක එම දර්ශන සටහන්වී ඇති බව සදහන්.
බෙහෙත් ද්‍රව්‍ය අලෙවි කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇති අදාළ පුද්ගලයා මෙලෙස මියයෑමට හේතුව සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව වාර්තා වේ.














































