මියගොස් සිටි විසි හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් අද(15) බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාගල සතිපොළ පිටුපස මුහුදු වෙරළේ තිබියදී සොයා ගත් බවට පයාගල පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.
මෙම තරුණයා මුහුදේ දිය නෑමට ගොස් මෙලෙස මියගියේද යන්න වැඩිදුර විමර්ශන සිදු කරන බවට පොලිසිය පවසා තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ජයසූරිය ආරච්චිගේ රවීන් ෂෙරන්ජෝර්‍ර්ඩන් ජයසූරිය නැමැති තරුණයෙකි.
මොහු තම භාරකරුවන්ට මිත්තණියගේ නිවසට යන බව පවසා ඉරිදා දින පස්වරුවේ නිවසින් පැමිණ ඇති බවත් පයාගල පැලපොල්වත්ත සේදියර් පියගම පදිංචිව සිටි ඇති අයෙකු බවත් පොලීසිය හඳුනාගෙන තිබේ.














































