ඊයේ (27) දින මාදුරු ඔය ජලාශයෙන් පොළොන්නරු ප්‍රදේශයට ජලය බෙදා හරින Z-D ඇළේ දොරටුවක සිරවී තිබී අලියකුගේ මල සිරුරක් සොයා ගෙන ඇති බව සදහන් වේ.
පිබුරත්තාව අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා සිරුර ගොඩ ගෙන තිබේ.
මිය ගොස් ඇති වන අලියා වයස අවුරුදු 20 ත් 25 ත් අතර පසුවූ සතකු බව වනජීවී නිලධාරීන් සදහන් කරයි.
මාරුඔය රක්ෂිතයේ සිට ආහාර සොයා ගම්මානයට පැමිණ මෙලෙස Z-D ඇලට වැටී මියයන්නට ඇති බව වනජීවී නිලධාරීන් සැක පල කරයි.














































