තලවකැලේ ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනේ තිබී හඳුනා නොගත් මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
එම ස්ථානයේ කඳවුරු බැඳීමට ගිය පුද්ගලයෙකු මෙම මළ සිරුර දැක පොලීසිය දැනුවත් කර තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තලවකැලේ පොලීසියේ නිලධාරීන් පිරිසක් කඳු මුදුන වෙත ගොස් තිබේ.
තලවකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.














































