දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති භාවිතයට නොගන්නා පැරණි යන්ත්‍ර සූත්‍ර සහ යකඩ විකිණීම සදහා අන්තර් ජාතික ටෙන්ඩර් කැදවීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මීට පෙර ක්‍රමවේදය හරහා සිදු වී ඇත්තේ දේශිය සමාගම් කිහිපයකින් ඉතා අඩු මුදලකට යකඩ බෙදා ගැනීමක් පමණක් බැවින් එම ක්‍රමවේදය නවතා දැමීම සදහා නව ක්‍රමවේදය ඉදිරියේදී අනුගමනය කරන බවය.
තවද ආනයනය කර තිබෙන දුම්රිය මැදිරි සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ඉදිරිපත් කරන ප්‍රකාශ සත්‍ය නොවන බැවින් ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් සකස් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරවරයාට නියම කර ඇති බවත් එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.














































