ලෝකයත් සමඟ ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාවට තාක්ෂණය අතින් සම්පූර්ණ වෙනසක් අවශ්‍ය කර තිබෙන බවත් , අද වනවිට ලෝකයේ තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය දක්වා ගමන් කර ඇති බවත් ඊට සමගාමීව ලංකාව සිටින්නේ බොහෝ පිටුපසින් බවත්එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම ආර්ථික වශයෙන් මෙන්ම තාක්ෂණික වශයෙන්ද ලෝකය ජයගත යුතුව තිබෙන බවත් , මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය තමා සතුව තබාගෙන ඊට අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් තිබෙන බවත් , ජාතියක් ලෙස නැගී සිටින්න නම් ඊට විනයගරුක තරුණ පරම්පරාවක් බිහි විය යුතු බවත් වජිර අබේවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ .














































