එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.
2024 ජනවාරි සිට නව නිලධාරී මණ්ඩලයක් සමඟ එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත බව සදහන්.
පවතින තත්ත්වය හමුවේ මෙම නව නිලධාරී මණ්ඩලය ද තීරණාත්මක සාධකයක් වන අතර එළැඹෙන වසරේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ වෙනුවෙන් මෙම නිලධාරී මණ්ඩලයට විශාල වගකීමක් ද පැවරෙන බව සඳහන්.
ඒ අනුව අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇති බවට එක්සත් ජාතික පක්ෂය සඳහන් කර තිබේ.
මේ අතර ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම ලබන වසරේ දී පැවැත්වෙන බව ජනාධිපතිවරයා පවසා ඇතත් එය කුමන කාලවකවානුවක පැවැත්වීම සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැත.














































