පුලස්තිගම ප්‍රදේශයේදි බිරිඳ විසින් තම ස්වාමිපුරුෂයාට පිහියකින් ඇන ඝාතනය කර ඇති බවට වාර්තා වේ.
ඊයේ (09) සවස් කාලයේදී 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් පුලස්තිපුර පොලිසියට ලද තොරතුරක් මත අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි තරුණයෙකි.
මරණකරු හා බිරිඳ අතර දිවා කාලයේ සිට පවුල් ආරවුලක් මත,එකිනෙකා අතර පහරදීම් සහ බැනවැදීම් සිදුව ඇති අතර මෙහිදී බිරිඳ විසින් මරණකරුගේ පසු ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බව සිදුකල විමර්ශණයේදී අනාවරණය වූ බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.
ඝාතනය සිදුකළ සැකකාර බිරිඳ පොලිස් ආරක්ෂාව යටතේ පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකාරිය ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.














































