ඊයේ (09) දින පෙරවරු 11.30ට මහනුවර එක්තරා බාලිකා විදුහලක වයස අවුරුදු 15 ක් වන සිසුවියක් එම පාසලේම මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන ඇති බව වාර්තාවේ.
සිසුවිය එම ගොඩනැගිල්ලෙන් බිමට පැන තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
එම සිසුවියගේ දෙමව්පියන් විසින් පොලීසියට පවසා ඇත්තේ සිසුවියට අමතක වීමේ රෝගයක් පවතින බවයි. මියගිය සිසුවිය කටුගස්තොට, කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වේ.
සිසුවිය අඩි 15ක් පමණ උසක සිට එම පාසැල් ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇති අතර ඇය එම පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසින් කටයුතු කර ඇති බවද වාර්තා වේ.
කෙසේ නමුත්, ඇය පැන්නේද, වැටුනේද යන්න සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.














































