අද (28) උදෑසන 7.30ට පමණ පානදුර නගරයට ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
එම ගොඩනැගිල්ලේ ක්‍රීඩා භාණ්ඩ අලෙවි සැලක් පවත්වාගෙන ගොස් ඇති අතර, ගින්නෙන් වෙළෙඳ සැලෙහි වූ ක්‍රීඩා භාණ්ඩ රැසක් විනාශ වී ඇති බව සදහන්.
මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ මේ වනවිට ගින්න පාලනය කර තිබේ.
ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවු පාඩුව ද ගණනය කර නොමැති බව වාර්තා වේ.
පානදුර දකුණ පොලීසිය සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































