තෙල්දෙණිය පොලිස් වසමේ අඹකොටේගම ප්‍රදේශයේ කැලෑවක ඊයේ (20) හදිසි ගින්නක් හටගෙන තිබෙන අතර ගින්නෙන් අක්කර 3ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ.
වහාම ක්‍රියාත්මක වූ තෙල්දෙණිය පොලීසිය සහ ප්‍රදේශවාසීන් ගින්න මැඩ පැවැත්වීම සඳහා පියවරගෙන ඇති බව සඳහන්.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තෙල්දෙණිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිඳු කෙරෙන බව වාර්තා වේ.














































