ඊයේ (04) උඩුදුම්බර , කහටගොල්ල රක්ෂිතයේ නවනගල ප්‍රදේශයේ කන්දක හදිසි ගින්නක් හටගෙන ඇති අතර උඩුදුම්බර පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් ආපදා කළමණාකරණ නිලධාරීන් , වන ජීවී නිලධාරීන් සහ අඩවි වන නිලධාරීන් විසින් හට ගත් ගින්න සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ වන විට ගින්න පාලනය වී ඇති බවත් , එම හට ගත් ගින්නෙන් අක්කර 3 ක පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් සඳහන්.
එමෙන්ම මෙම ගින්න හටගත් ප්‍රදේශයේ නිවාස නොමැති බව වාර්තා වේ.














































