ඊයේ (26) මල් වෙඩිල්ලක් පත්තු වීම හේතුවෙන් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඔහුව රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මරණකරු සිය නිවස ආසන්නයේ පැවැත්වුණු මංගල උත්සවකට සහභාගී වූ අවස්ථාවේදී මල් වෙඩිල්ලක් පත්තු කිරීමට උත්සාහ දරා තිබේ. එම අවස්ථාවේ මල් වෙඩිල්ල නිවී ගොස් ඇති අතර ඒ අසළට ගොස් පරීක්ෂා කර නැවත එය පත්තු කිරීමේ දී මල් වෙඩිල්ල පත්තු වී මරණකරුගේ හිසේ වැදී තිබේ. එයින් බරපතළ තුවාල ලබා ඔහුව තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තඹුත්තේගම , තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි.
මෘත දේහය තඹුත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරනු ලබේ.














































