බලංගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසලේ 94 කණ්ඩායමේ වාර්ෂික සුහද හමුව අගෝස්තු මස 04 , 05 සහ 06 යන දිනයන්හි දී දියතලාව යුද හමුදා නිවාඩු නිකේතනයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල් අතර සුහදතාවය වර්ධනය කිරීම උදෙසා වාර්ෂිකව මෙම සුහද හමුව සංවිධානය කරන බවත් , දෙස් විදෙස් හි විසිරී සිටින සාමාජික සාමාජිකාවන් සඳහා ඇරයුම් කරන බවත් එහි මාධ්‍ය ප්‍රකාශක එරංග දයාසිරි මහතා සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීම සඳහා සුමුදු ( 0777 455 572 ) , ජගත් ( 0773 530 578 ) හෝ අනුර ( 0773 500 594 ) සම්බන්ධ කරගන්නා ලෙස දන්වා තිබේ.














































