අප්‍රේල් 25 වනදාට ත්‍රස්තවාදය වැලැක්වීමේ නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම , උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් අයිතිය වෙනත් පාර්ශව වලට ලබා දීම , ආගමික ස්ථාන පිළිබඳව පවතින ගැටලු , පුරාවිද්‍යා නටබුන් ලෙස සලකා දෙමළ ජාතිකයින්ගේ ඉඩම් කොල්ල කෑම ආදී කරුණු ගණනාවකට එරෙහිව විරෝධය පළ කරමින් දෙමළ ජාතික සන්ධාන හා තවත් ස්වේච්ඡා සංවිධාන කිහිපයක් විසින් අප්‍රේල් 25 වැනිදා උතුරු නැගෙනහිර පළාත්වල පූර්ණ හර්තාලයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව එදිනය සියලුම වෙළසැල් වසා දමන ලෙසත් , ගමනාගමන කටයුතු අත්හිටුවන ලෙසත් , රාජ්‍ය සේවකයන් ද මෙම හර්තාලයට සහය ලබා දිය යුතු බවත් දැනුම් දී ඇති බව සඳහන්.
එමෙන්ම මෙම ත්‍රස්තවාදී නව පනත අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් විරෝධතාවක් දියත් කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.














































