අක්කා සමග දියනෑමට ගිය නැගණිය දියේ ගිලී මිය ගිය පුවතක් පින්දෙණිය ආටාල ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙම දැරිය තම වැඩිමහල් සොයුරිය සමග දිය නෑමට අසල පිහිටි ඇළකට ගොස් ඇති අතර එම අවස්ථාවේ දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිය ගොස් ඇත්තේ 10 හැවිරිදි වියේ පසුවූ පින්දෙණිය ආටාල ප්‍රදේශයේ පදිංචි දැරියක් බව පැවසේ..
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පින්දෙණිය පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.














































