ඊයේ (09) දින දහවල් යාපනය, ඉලවාලෙයි, වසන්දුපුරම් ප්‍රදේශයේ ඉතා ආනාරක්ෂික ළිඳකට වැටී වයස අවුරුදු දෙකහාමාරක් වන සිගිත්තියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
මෙලෙස මියගොස් ඇත්තේ කරුණානිධි රක්ෂිකා නමැති දැරියක්වන අතර දැරිය මව සමග නිවසේ සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බව ඉලවාලෙයි පොලීසිය පවසයි. මෙම අවස්ථාවේ දැරියගේ පියා නිවසින් බැහැරව සිට තිබේ.
අනතුරින් පසුව ප්‍රදේශවාසීන් විසින් දැරිය ළිඳෙන් ගොඩටගෙන යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති නමුත් ඒවනවිටත් දැරිය මියගොස් ඇති බව වෛද්‍යවරුන් සඳහන් කොට තිබේ.
දැරියගේ මරණය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














































