අද (12) දහවල් ඉපලෝගම පොලිස් වසමට අයත් සේනපුර යාය 05 ප්‍රදේශයේ දී අන්තර්ජාලය හරහා ඇණවුම් කළ භාණ්ඩ බෙදා හරිමින් සිටි සේවකයින් දෙදෙනෙකු ගස් බැඳ කිසියම් සංවිධානාත්මක කල්ලියක් විසින් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුතු භාණ්ඩ සහ ඔවුන් සතුව තිබූ මුදල් කොල්ල කා පලා ගොස් ඇති අතර සැකකරුවන් සොයා ඉපලෝගම පොලිසිය විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
මෙලෙස අන්තර්ජාලය හරහා ඇණවුම් කළ භාණ්ඩ බෙදා හරිමින් සිටි සමාගම් දෙකක සේවකයින් දෙදෙනෙකු සේනපුර යාය 05 ප්‍රදේශයේ දී කිසියම් පුද්ගලයින් පිරිසක් විසින් අල්ලා ගස් බැඳ ඔවුන් සතුව තිබූ බෙදා හැරීමට නියමිතව භාණ්ඩ , මුදල් සහ ඔවුන්ගේ ජංගම දුරකථන දෙකක් මෙලෙස මංකොල්ල කා පලා ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සේවකයින් දෙදෙනා විසින් ඉපලෝගම පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති අතර මෙම සංවිධානාත්මක අපරාධය සිදුකළ සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් වේ.














































