ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තුන්වැනි 20/20 ජාත්‍යන්තර තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ බවට වාර්තා වේ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 158ක් රැස්කළ අතර බංග්ලාදේශ කණ්ඩායම රැස්කළේ කඩුලු 7ක් දැවී ලකුණු 114ක් පමණි.
ඒ අනුව තරගය ලකුණු 44කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.
කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති මෙම තරගය ජයගැනීමත් සමගම තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට මෙරට ක්‍රීඩිකාවෝ සමත් වූහ.
තරගයේ ලකුණු සටහන….
ශ්‍රී ලංකාව – 158/3
චමරි අතපත්තු – 32
හර්ශිතා සමරවික්‍රම – 51*
නිලක්ෂි ද සිල්වා – 63*
බංග්ලාදේශය – 114/7













































