පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වන “ ෆවුසි “ කාර්‍යාල දුම්රියේ තෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර වලින් දෙවන පන්තියේ මැදිරිවල ගමන් කළ මගීන් 45 දෙනෙකු කොටුව මෙහෙයුම් ඒකකය මඟින් අද (15) සිඳු කළ ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවකදී අල්ලා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙම පිරිසගෙන් 37 දෙනෙකුට රුපියල් 114,160ක දඩ මුදලක් අය කර ගෙන ඇති අතර සෙසු මගීන් දඩ මුදල් පසුව ගෙවීමේ පොරොන්දුව මත මුදා හැරි බව සඳහන් වේ.














































