ප්‍රංශයේ උත්සන්න වී ඇති විරෝධතා හමුවේ පොලිසිය සමග ගැටුම් ඇති කරගත් 667 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එලෙස අත්අඩංගුවට ගත් බහුතරය අවුරුදු 14ත් 18ත් අතර පසුවන්නන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගැටුම් වලින් මේ වන විට පොලිස් නිලධාරින් 249 දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්.
පොලිස් මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ 17 හැවිරිදි පිරිමි ළමයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු මෙම විරෝධතා හට ගෙන තිබේ.















































