ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ බෙහෙතක විෂබීජ තිබීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ 10 දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල තත්ත්වයට පත්ව ඇති බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
සායනය සිඳු කර නිවෙස් කරා ගිය රෝගීන් දින කිහිපයකින් නැවත රෝහලට පැමිණ ඔවුන්ගේ ඇස් පෙනීම මුළුමනින්ම නැති වූ බව ප්‍රකාශ කර තිබේ.
අප්‍රේල් 5 වැනිදායින් පසුව සිඳු කරනු ලැබූ අක්ෂි ශල්‍යකර්මයන්ගෙන් පසුව රෝගීන්ගේ ඇස් වලට දැමීම සඳහා ලබා දුන් බෙහෙතක් විස වීමෙන් මෙසේ රෝගීන්ගේ ඇස් පෙනීම මුළුමනින්ම නැති වී ගිය බවත් , එලෙස සිඳු වී ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වනු ලැබූ බෙහෙතක විෂබීජ අඩංගු වී තිබූ බවත් , ඒ බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් වෛද්‍ය මහේන්ද්‍ර මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
පසුව එම රෝගීන් සඳහා සිඳු කළ ප්‍රතිකාරයන්ගෙන් අනතුරුව ක්‍රමක්‍රමයෙන් රෝගීන් සුව අතර හැරෙමින් පවතින බවද ඔහු සඳහන් කළ බව වාර්තා වේ.














































