මුලතිව් ඔට්ටිසුඩාන් ,කනගරාත්තිනම් ප්‍රදේශයේ පිහිටි ඉපැරණි දාගැබක් තුළ නිධන් හාරමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු ඔට්ටිසුඩාන් පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.
පොලිසියට ලැබුණු තොරතුරක් මත ඔවුන් එම ස්ථානය වටලන අවස්ථාව වන විට නිධානය ගොඩ ගැනීමට විශාල වලක් හාරමින් සිට ඇති අතර එහිදී මෙම පිරිස සමග නිධානය හෑරීමට යොදා ගත් උපකරණ කිහිපයක්ද සිය භාරයට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
නිධානය ගොඩ ගැනීමට පැමිණි 6 දෙනාගෙන් කට්ටඩියා මාතලේ ප්‍රදේශයේ අයෙකු වන අතර ඉතිරි පස් දෙනා මුලතිව් හා කිළිනොච්චි පළාත්වල පදිංචිකරුවන් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සර්වනරාජා ඉදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.














































