කන්කසන්තුරේ වීමන්කාමම් ප්‍රදේශයේ ගොවි බිමක තිබී අධි පීඩන බෝම්බයක් හමු වී ඇති බව වාර්තා වේ.
කන්කසන්තුරේ පොලිස් වසමට අයත් ප්‍රදේශයේ පුද්ගලයකුගේ ඉඩමක තිබී මෙම බෝම්බය හමුවී ඉඩමේ හිමිකරු විසින් කන්කසන්තුරේ පොලිසියට දැනුම් දීමට පියවර ගෙන තිබේ.
පසුව කන්කසන්තුර පොලිස් නිලධාරීන් පැමිණ එම බෝම්බය එම ස්ථානයෙන් රැගෙන යාමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම බෝම්බය යුද සමයේ LTTE සංවිධානය විසින් වලදමා ඇති එකක් බවටයි පොලිසිය සැකකරනුයේ.
අධිකරණ නියෝගයකට අනුව එම බෝම්බය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිෂ්ක්‍රිය කල බවයි සදහන් වන්නේ.














































