වෛද්‍ය සැපයුම් අංශය සතුව කිසිදු වර්ගයක අක්ෂි කාච නොමැති වීම නිසා ඉදිරියේදී අක්ෂි කාච දැඩි හිඟයක් මතු විය හැකි යැයි බලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් හදිසි මිලදී ගැනීමකට යොමුවුවහොත් මසකට රුපියල් කෝටි 20 ක පමණ පාඩුවක් රජයට දැරීමට සිදුවන බවට සෞඛ්‍ය වෘත්තිය සමිති ප්‍රකාශ කර තිබේ.
මෙලෙස රට පුරා රෝහල්වලට මසකට අක්ෂි කාච 15,000 ක් පමණ සැත්කම් සඳහා අවශ්‍ය වුවද මේ වන විට එම රෝහල්වල වෛද්‍ය සැපයුම් අංශයෙන් සැපයූ අක්ෂි කාච සහ පරිත්‍යාග වශයෙන් ලැබුණු අක්ෂි කාච පමණක් සතු බව සඳහන්.
නිසි පරිදි ටෙන්ඩර් කිරීමක් නොකළ අක්ෂි කාච ටෙන්ඩරයක් තාවකාලිකව නතර කිරීම මෙයට හේතුව බවත් වෘත්තිය සමිති පවසයි.













































