හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල අරගලකරුවන් පිරිසක් අද (31) සංකේතාත්මක විරෝධතාවයක් සංවිධානය කර තිබූ බවට වාර්තා වේ.
ඒ අනුව අද පස්වරුවේ එහි පැමිණි පිරිස විරෝධතාවය ආරම්භ කර ඇති අතර පොලිසිය පැමිණ විසුරුවා හැරීමට යාමේදී උණුසුම් තත්වයක් ඇතිවිය.
එම අවස්ථාවේදී අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර කෙසේවෙතත් අරගලකරුවන් නුගේගොඩ ගුවන් පාළම දක්වා පළවා හැර තිබූ අතර ඔවුන් එහිදී විරෝධතාවයක නිරත වුණි.














































