දශක තුනක් මුළුල්ලේ මෙරට පැවති සාපකාරී එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදය පරාජය කර අදට (18) වසර 14ක් සැපිරීම නිමිත්තෙන් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් අද (18) පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිහිපත් කරමින් සැමරුමක් සංවිධානය කර තිබිණි. එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් ඊට විරෝධය දැක්වීමත් සමඟ එම ස්ථානයේ නොසන්සුන්තාවක් ඇති වූ බව වාර්තා වේ.
නමුත් එම ස්ථානයට එක් වූ පිරිස පහන් දල්වමින් මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සිහිපත් කිරීම සිඳු කරනු ලැබීය.අනතුරුව පොලිසිය මැදිහත්වීමෙන් දෙපාර්ශවය විසුරුවා හැරීමට පියවර ගත් බව සඳහන්.














































