ඊයේ (26) සවස පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 08 කණුව ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 153 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු කරුවලගස්වැව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
පුත්තලම – අනුරාධපුර මාර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරු පැදියක් රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් නවත්වා පරීක්ෂාවට ලක් කිරීමේදී යතුරු පැදිය ධාවනය කළ පුද්ගලයාගේ බෑගයේ තිබී කේරළ ගංජා තොගය සොයා ගත් බව සඳහන්.
සැකකරු 23 හැවිරිදි නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.
සැකකරු සහ කේරළ ගංජා තොගය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කරුවලගස්වැව පොලීසිය විසින් සිඳු කරනු ලැබේ.














































